Wednesday, January 12, 2022

ඔබ මම සහ ඇය

 ----ඔබ මම සහ ඇය---





අලුත උපන් ලදරුවෙක්ගෙ දකින්න තියෙන්නෙ කොන්ඩෙ හා ඇහිබැම විතරය.වැඩී වයසින් නව යොවුන් වියට පත් වන විට ශරීරයේ සිදුවන අනෙකුත් වෙනස්කම් සමග පිරිමි ලමුන්ගෙ මුහුනේ රැවුල වැවීම ආරම්භ වේ.

සිනිදු රෝම වලින් ආරම්භය ලබන මූලික අවධිය දැලි රැවුල ලෙස හදුන්වන්නේය.පාසල් විනය පාලකවරුන්ගේ පරම සතුරා දැලි රැවුලය.දැලි රැවුල කැපීම නිසා මාන්නයක් සිතට ඇතුලු වන්නේ ඉබේමය.පාසල් කාලය අවසන් වෙනතුරුම කුකුලා හම ගැසුවාසේ රැවුල කැපීමට සිදුවන්නේය.රැවුලේ නිදහස් දිනය පාසැලේ අවසන් දිනයය.

සිරි ලංකාවේ සමජයට අනුව ලංකාවේ ප්‍රධාන වශයෙන් රැවුල් වර්ග දෙකක් ඇත්තේය.ඒ රැවුල හා තම්බි රැවුලය.

කොටට කැපූ හෝ යම් කිසි මෝස්තරයකට අනුව සෙන්ටිමීටර 1කට අඩු දිගකින් යුත් ඒවා රැවුල ලෙස හදුන්වන්නේය.සෙන්ටිමීටර 1ට වඩා දිග රැවුල තමිබි රැවුල ලෙස හදුන්වන්නේය.ටහිකෙන වර්ග කිරීම්ය.

අතීතයේ සිට ඕනාම පිරිමියෙක් රැවුල වවා ඇත්තේය.ඒ තම මූනේ කැත වසා ගැනීමට හෝ පෞරුෂය සදහාය.එයට ජාතිබේදයක් නොතිබුනේය.අද එයද ලේබල් කර ඇත්තේය.

මුස්ලිම් ජාතිකයින් ආගමික හේතු මත රැවුල වැවීම සිදුකරන අතර ඔවුන් උඩු රැවුල වවන්නේ නැත්තේය.

මුහුන පුරා වැවූ රැවුලක සහ මෙම රැවුලක වෙනස බහුතරයට නොතේරෙන්නේය.විසේසයෙන් කෙල්ලන්ටය.කොයි ආණ්ඩුවත් එක වගේ වූවාට ‍රැවුල් එසේ නොවේය.

ලංකාවේ බහුතර කෙල්ලෝ කැමති කොරියන් පිම්පියන් වැනි උන්ටය.මුහුනේ එක මයිලකුදු නැති උන්ටය.මුන් හිතන්නේ උන් අත පය වීට් කරනවා මෙන් අපි රැවුල වීට් කල යුතුය කියාය.අනේ සිකේය.කොල්ලෙක් සමග යාලු වූ විටම කියනුයේ රැවුලනම් වවන්න එපා කියාය.ඇයි ඇසූ විට මූන පුරා රැවුල ඇති විට කිස් කරන්නට ඉඩ නෑ කියනවාය.රෙද්ද තොල් වල රැවුල වැවෙන්නෙ නැතිය.මැණික් සොයන්නට පොලව හෑරිය යුතුය.

සුලුතරයක් කෙල්ලන් රැවුලට ආසාය.ඔවුන්ට ප්‍රනාමය පුදකට සිටිනවාය.

රැවුල මගින් අව්වට සම පිලිස්සීම වලකනවාය.ලමා පෙනුම වසා දමනවාය.පොඩි උන් වඩා ගන්නට සිදුනොවනවාය.එකී මෙකී නොකී ඉමහත් සේවයක් රැවුලෙන් ලැබෙනවාය.රැවුල පිරිමදිමින් මනෝපාරක් ගැසීමද වෙනම ආතල් එකක්ය.

කවුරු කෙසේ මොනදේ කීවද රැවුල් වැවෙන පිරිමි රැවුලට ආසාය, ආදරේය.කෙල්ලට වඩා රැවුල වටිනා උන්ද සිටිනවාය.රැවුල වැවෙන්නේ නැති උන් ඊර්ෂ්‍යා කරන්න එපාය.එක්කෝ විට්මින් E මූනේ උලාගත හැකිය.නැත්නම් විවිධ ක්‍රීම් හා තෙල් වර්ග වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය.

අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙයය.

සිරි ලංකාවේ ආණ්ඩු මාරු වූවාට රට සංවර්ධනය නොවන්නේ යම්සේද රැවුල කැපූ පමණින් පිරිමියෙකු පිලිවෙල නොවන්නේය.කොපමණක් කෑ ගැසුවද ජෙවිපෙට ආණ්ඩු බලය නොලැබෙන අයුරින්ම ඔබ කෑ ගැසූ පමණින් රැවුල් නොකැපෙන බවද මතක තබා ගත යුතුමය.

Wednesday, January 5, 2022

 ප්‍රේමයක අළු දුඹුටු

කඩා කඩා ඔපදමන

දිස්නය දෙසම බලමින්

සිනාසෙන්නට

නුඹට දැන් අමතකද


ගිනිගත්ත හිත් පොඩ්ඩෙ

අඟුරු වූ මැරුණු සම

නොරිදෙන්න ගලවමින්

ගැල්වූ ප්‍රේමයේ ඖෂධය

නුඹට දැන් අමතකද


ප්‍රේමිය නුඹ දැන් කොහේද?

ආලය දැන් කෙසේද ?