Friday, February 3, 2023

 2017 හෝ 2018දි රස්සාව කලේ බොරැල්ලෙ D.S සේනානයක එක ලග. උදේ 8ට වැඩට ගියාම ඕෆ් වෙන්නෙ රෑ 9ට. ඔතන ඉදන් 153 බස් එක ගන්න බොරැල්ලට යන්නෙ පයින්..


ඔය වෙලාවට බෑග් එකත් උස්සන් අන්තිම බස් එක අල්ලගන්න දුවන මිනිස්සුයි මහ හයියෙන් යන  වාහනයි හැර ඉදහිට බල්ලෙක් දෙන්නෙක් පමණමයි ඉන්නෙ පාරෙ.අනික් මිනිස්සු වේගෙන් ගමන්කලාට මම ආසම රෑට බිල්ඩින්වල ලයිට් බල බලා හිමින් යන්න.ඒක වෙනම ආතල් එකක්.. ලෝකෙ ලස්සනම රෑට.. බිල්ඩින් ගොඩකින් වටවුණු නගරෙක කියලත් ඒකෙ වෙනසක් නෑ.

 එක දවසක රෑ 9 පසුවෙලා මම කනත්තත් පහුකරගෙන කනත්ත පාර දිගේ එනව හිමින් වාහන බිල්ඩින් බල බලා..බොරැල්ලෙ ඔටෝමෝල් එක ඉස්සරහ පාරෙ අනික් පැත්තෙ තියෙනව පොඩි පුද්ගලික පාරක් SLP එකයි මානවහිමිකම් ගොඩනැගිල්ල ලග තියෙන වහලදාපු අඳුරු ගොඩනැගිල්ලයි අතර.පාර තරමක් අඳුරුයි.වීදි ලාම්පුවෙ එලිය  කණාමැදිරි එලියකට ටිකක් වැඩි ඇති. අතුරුපාර පහුවෙනවත් එක්කම මට ඇහුනා අත්පුඩි ශබ්දයක්.ඔෆීස් එකේ කොල්ලො බහුතරය ඔය වෙලාවට ගෙදර යන නිසා නතරවෙලා වටපිට බැලුවා.කවුරුත් නෑ... ශබ්දය එන්නෙ අඳුරු පාරෙන්.. 

කණාමැදිරි වීදිලාම්පුව යට අඩි 6ක්  විතර උස කලු කෙට්ටු ගෑනු කෙනෙක්දෝ කියල හිතෙන කෙනෙක් ඔලුවෙට සලුවකුත් දාගෙන හිටගෙන අතවනනව.ස්...ස්... කියනව..

මිත්‍රවරුනි මොන රාත්‍රී සුන්දරත්වය බැලීමක්ද අඩි 2,3ට මං බොරැල්ලෙ බස්ටෑන්ඩ් එකේ.වෙනද 153 යන එකා 176කටත් නැගල..

2 comments:

  1. කීයක් හරි හොයා ගන්න , කාව හරි ඩැහැගන්න බලන් හිටපු කෙනෙක් වෙන්න ඇති ...

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් වෙන්න ඕනි.නැතුව ඔය වෙලාවට හාල් වෙලා යන අපිට හොල්මං අතවනයි කියලයැ

      Delete