Sunday, May 21, 2023

ඉතින් ප්‍රේමණීය මිනිසුනි

ඉතින් ප්‍රේමණීය මිනිසුනි 





කුඩා දරුවන් ලන්ඩන් නගරයේ වීදියක , කුඩා පිටියක හෝ මිතුරු නිවසක කෙලි සෙල්ලමේ යෙදෙමින් සිටින්නට ඇත්තේ එය දෙවන ලෝක යුධ සමය බව නොදන්නා නිසා හෝ කුඩා මනසට කෙලිසෙල්ලමට මිස යුධ බිය ගැන සිතන්නට හැකියාවන් නොමැති නිසා වන්නට ඇත.

  නාසි ගිජුලිහිණින් අහස් ගැඹ සරමින් ගොදුරු සෙවූ බව ඔහු දැනසිටියානම්  මව පියා සහ සොහොයුරාගෙන් වෙන්ව මිතුරු කෙලියෙන් ප්‍රීතිවන්නට නොයන්නේය. වැඩිහිටියන්ද ඔහු ඔවුන් තුරුලේ තදින් හොවාගෙන ගිජු ලිහිණින්ට මුහුණදෙනු නිසැකය. එසේ වූවානම් ඔහුටත් තම පවුලේ අන් තිදෙනා සමඟම නිවසේ සුන්බුන් වලට යටව දැලි දූවිලි පිරි වාතයෙන් පෙනහලු පුරවාගන්නට සිදුවන්නට තිබිණ.

නමුත් සියල්ල ලෝකයේ සිදුවන්නේ එසේ නොවේය. මිතුරුකෙලියෙන් පසු ඔහු නිවසට පැමිණෙනවිට සුනු විසුනුවූ නිවසක් සහ ඊට යටව අවසන් හුස්ම හෙලූ පවුලක් ඔහුට හිමිකර දෙන්නට නාසි හමුදා සමත්වන්නේය. නිමේශයකින් ඔහුගේ ලෝකය දෙපායට සුන්ඹුන් ගොඩක් වූ පසු කුඩා සිතට මොනයම්වූ හැඟීමක් ජනිත වන්නට ඇත්ද. නාසින්ට එයින් පලක් නැත්තේය.  හිස්බව, අසරණබව සහ අහිමිවීමේ දුක සහිත මුහුණින් ඔහු බලා සිටිනුයේ දෙවියන් වඩිනා අහසින් යක්ෂයන් පැමිණි ආකාරය තේරුම් ගැනීමට නොහැකවය.

ඉතින් ප්‍රේමණීය මිනිසුනි අහස්කුස තුල  සුදු පරවින්ට තටු සැලීමටත් ඉඩක් වෙන් කරන්න.

• දෙවනලෝක යුදසමයේ ලන්ඩන් නගරට බෝම්බ හෙලූ පසු Toni Frissell ගේ කැමරා කාචයේ සටහන්වූ දසුනකි


2 comments:

  1. ඉතින් ප්‍රේමණීය මිනිසුනි අහස්කුස තුල සුදු පරවින්ට තටු සැලීමටත් ඉඩක් වෙන් කරන්න.

    ReplyDelete