Sunday, June 7, 2020

ලගින් හිටියෙ නැති ටික කාලෙට ඔයා හුගක් වෙනස් වෙලා

"ලගින් හිටියෙ නැති ටික කාලෙට ඔයා හුගක් වෙනස් වෙලා"
"ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ"
මේ මගෙ මේ දවස් වල ප්‍රියතම සිංදු.නැත්නම් මට මේ දවස් වල වැඩිපුරම ඇහෙන සිංදු.එක්කො මට දැනෙනෙ සිංදු.මොකක් උනත් ඒ සිංදු මටම කිව්වා වගේ.
මට ඕවත් එක්ක හැම වෙලේම මතක් වෙන්නෙ මගේ අතීතය.නෑ අපේ අතීතය .
අපි තුරුල් වෙලා උන්න හැටි.ඔයා රේඩියෝව වගේ මගෙ දිහා බලාගෙන කියෝපු හැටි.අපි අත් අල්ලගෙන ඇවිද්ද හැටි.එහෙම කිව්වට වැඩිපුරම උනේ මං ඔයාගෙ අතේ එල්ලිලා ගිය එක.මොනා උනත් මටනම් ඒක හරි සුන්දර කාලයක්.ඒ කාලෙ ඔයා හරි හුරුබුහුටි හුරතල් කෙල්ලෙක්.
කාලෙත් එක්ක දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.ඔයාගෙ තාත්තා ඔයාව දුරක ගිහින් නැවැත්තුවහම මට දැනුන පාලුව මං ඔයාට කොච්චරනම් කියන්න හැදුවද.
ඒත් ගමට ආපහු ආවෙ ගමෙන් ගිය ඔයා නෙවෙයි.ආවට පස්සෙ සිදුවුනු හමුවීම් එකක්වත් ඉස්සර වගේ ආදරනීය උනේ නෑ.ඔයාගෙ හිත තිබුනෙ වෙන තැනක.මට ඒක දැනුන.ඒත් මං ඒක අහන්න බය උනා.
හැබැයි මං ඒක තේරුම් ගත්තෙ ඔයාට මගෙ පෙනුම , කටහට , ඇදුම් පැලදුම් වලට අකමැති වෙන්න පටන් ගත්තාම.වෙනද එකම ඇදුම ඇදන් උන්නත් ඔයාට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.ඒත් දැන් ඔයා වෙනස් වෙලා.ඔයා මාවත් වෙනස් කරන්න හදනව.හදනව නෙවෙයි ඔයා වෙනස් කලා.මට මාව අමතක වෙන්නම.
මොනදේ උනත් මගෙ හිතේ තරහක් නෑ.මං ඔයා ලග ඉන්න තිබුන ආසාව නිසා ඒ වෙනසට මං අකමැත්තෙන් ආස උනා.ඒත් මට තේරුනා මං පිලිගන්න අකමැති වුනා ඔයාගෙ හිතේ ඉන්න වෙන කෙනෙක්ව ඔයා මගෙන් දකින්න උත්සහ කරනව කියන එක.
ඔයා තාත්තා එක්ක එයා ගැන කියනව ඇහුන වෙලාවෙනම් අඩන්න කදුලු නැති මගෙ ඇස් වලට කදුලු පිරුනා.ඔයා එයාට ආදරේ වෙලා මාව මෙච්චර ඉක්මනට ඔයාගෙ ජීවිතෙන් අයින් කරයි කියල බලාපොරොත්තු වුනේනම් නෑ.
දැන් ඔයා මං ලග නැති උනත් මං තාම අදින්නෙ ඔයා ආසම ඇදුම.කොන්ඩෙ තියෙන්නෙ ඔයා ආසම විදියට.ඒ ඇයි කියල දන්නෙ නෑ.ඒත් ඒක එහෙමයි.මට වුනදේ වෙලා ඉවරයි.ඒත් එයාටත් මට කලදේනම් කරන්න එපා.ඒක කාට වුනත් දරාගන්න අමාරුයි.
මතක තියාගන්න ප්ලාස්ටික් බොනික්කෙක්ට උනත් හිතක් තියෙනව කියල.

©මුදියන්සෙ මලයා

2 comments:

  1. ඔය හැඟීම මාත් අකුරු කරන්න උත්සාය කළා.

    අර සිංදුවක් තියෙන්නෙ, "මේ හොඳ ලස්සන බෝනික්කා" කියල. ඒක පොඩි කාලෙ මුලිම්ම අහපු දා ඉඳල ඒකෙ පසුබිම් කතාව ලියන්න ආසාවක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ දේවල් ලියල තියන එකත් වටිනව.

      Delete